10 වසරකට පසු එංගලන්තය ශ්‍රී ලංකාවට පරදියි – තරගයේ වීරයා පැතුම්; රූට්ට තරගාවලියේ වීරයා සම්මානය

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ ජය මීට ටික වේලාවකට (09) පෙර ශ්‍රී ලංකා කණ්ඩායම තමන් නමින් ලියා ගත්තා.

ඒ සත්කාරක එංගලන්තය කඩුලු 08කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් ම පන්දු යැවීම තෝරා ගත්තා.

ඊට පිළිතුරු සැපයූ එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 325ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 263ක් පමණි.

ඉන් අනතුරුව ලකුණු 62ක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිමේ දී සියල්ලන් ම ලකුණු 156කට දැවී ගියේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයක් ලබාදෙමින්.

දෙවැනි ඉනිමේ දී එංගලන්ත පිතිකරුවන් සුනුවිසුණු කළ ශ්‍රී ලංකා පන්දු බලඇණියේ වේග පන්දු ක්‍රීඩක ළහිරු කුමාර ලකුණු 21කට කඩුලු 04ක් ද, විශ්ව ප්‍රනාන්දු කඩුලු 03ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් සහ මිලාන් රත්නායක එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව අද තරගය සිව්වැනි දිනය අරඹන විට එක් කඩුල්ලක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 94ක් ලබා සිටි අතර, දිවා ආහාරයට තරගය නතර කිරීමටත් පෙර තරගයේ ජය තමන් සතු කරගන්නට ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් සමත් වුණා.

අද දිනයේ දී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 39ක් ලබා සිටි කුසල් මෙන්ඩිස්.

ඒ ඇට්කින්ස්න්ගේ පන්දුවක් හමුවේයි.

ඉන් අනතුරුව තෙවැනි කඩුල්ලට පිටියට පිවිසි ඇන්ජිලෝ මැතිව්ස් අනෙක් අන්තයේ ලකුණු ලබා ගනිමින් ශක්තිමත් ස්ථාවරත්වයක සිටි පැතුම් හට ප්‍රවේසම්කාරී ලෙස ලකුණු රැස් කරමින් කඩුල්ලේ සිටියා.

මැතිව්ස් නොදැවී ලකුණු 32ක් ලබා ගත්තා.

සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකයට මෙන් ම තමන් ලැබූ ඉහළතම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවට ද පැතුම් නිස්සංක අද දිනයේ දී හිමිකම් කීමට සමත් වූයේ පන්දු 124කට ලකුණු 127ක් ලබා ගනිමින්.

පැතුම්ගේ අගනා ලකුණු 127ට හතරේ පහර 13ක් සහ දැවැන්ත හයේ පහර දෙකක් ද ඇතුළත් වුණා.

දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී එංගලන්තයේ ඇට්කින්සන් හා ක්‍රිස් වෝක්ස් හට එක් කඩුල්ල බැගින් හිමි වුණා.

මේ අතර අද තරගයේ ජය ඓතිහාසික ජයග්‍රහණයක් ද වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවල් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන දෙවැනි ටෙස්ට් තරගය වීමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ටෙස්ට් තරගය ද ඕවල් ක්‍රීඩාංගණයේ දී වර්ෂ 1998 දී ක්‍රීඩා කර ඇති අතර එම තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් ජයගෙන තිබෙනවා.

ඕවල් පිටියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ තරගයේ නායකත්වය ගෙන කටයුතු කළේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග විසින්.

වසර 10කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් එංගලන්තය පරාජයට පත් කරනු ලැබීම ම සුවිශේෂී කරුණක් වන අතර මීට පෙර අවස්ථා 10ක දී දෙපිළ ම මුණගැසී ඇති අතර; ශ්‍රී ලංකා කණ්ඩායම විසින් එංගලන්තය ටෙස්ට් තරගයක දී පරාජය කර ඇත්තේ 2014 වර්ෂයේ දී ලීඩ්ස් පිටියේ දීයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තය කිසිදු ටෙස්ට් තරගයක් පරාජය වී නැහැ.

2016 වසරේ දී ලෝඩ්ස් හි දී පැවති ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඒ හැර ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ආකෘතිය තුළ එංගලන්තය පරාජය කර නොමැති අතර; ඕවල් හි දී ශ්‍රී ලංකා කණ්ඩායම වසර 26කට පසුව ක්‍රීඩා කළ දෙවැනි ටෙස්ට් තරගය මෙය ලෙසටයි සඳහන් වන්නේ.

එම තරගය ද එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත් වීම ම ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස සටහන් වනු ඇති.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූරිය 1998 දී ක්‍රීඩා කළ එංගලන්තයට එරෙහි තරගයේ දී ශ්‍රී ලංකා පිලෙහි මුල් පෙළ පිතිකරුවෙකු වීමයි.

එම තරගයේ දී වත්මන් පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය ද්විත්ව ශතකයක් ද ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පන්දු 278ක දී ලකුණු 213ක් රැස් කළා.

1998 ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ලකුණු පුවරුව මෙතැනින්..

https://www.espncricinfo.com/series/sri-lanka-tour-of-england-1998-61595/england-vs-sri-lanka-only-test-63809/full-scorecard

එංගලන්තයට එරෙහිව ඕවල් හි දී පළමු තරගය වර්ෂ 1998 අගෝස්තු මස 27 වැනි දින සිට 31 වැනි දින දක්වා පැවැත්වුණා.

තරගයේ වීරයා සම්මානය පළමු ඉනිමේ දී ලකුණු 64ක් සහ දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 127ක් ලබා ගත් පැතුම් නිස්සංක විසින් දිනාගනු ලැබූ අතර තරගාවලියේ වීරයා සම්මානය තමන් නමින් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වාර්තා ලියාගනිමින්, තරගාවලිය පුරාම ලකුණු 375ක් සමගින් එක් කඩුල්ලක් දවාගත් Joe Root හට හිමිවුණා.

කෙසේවෙතත් තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ ශූරතාව තරග 2-1ක් ලෙස සත්කාරක එංගලන්තය විසින් දිනා ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29