තුන්වන දිනය අවසන් වෙද්දී ශ්‍රී ලංකාව ප්‍රබල තැනක

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනට අද තරගය නිමාවන විට ශ්‍රී ලංකාව බංග්ලාදේශ දෙවන ඉනිමට වඩා ලකුණු 96ක් ඉදිරියෙන් සිටිනවා.

අද දිනට තරගය අවසන් වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 06ක් දැවී ලකුණු 115ක් රැස්කරගෙන සිටියා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින ලිටන් දාස් ලකුණු 13ක් රැස්කරගෙන සිටි අතර, අද දිනයේ යැවූ අවසන් පන්දුවේ දී මෙහිඩි හසන් මිරාස්ගේ කඩුල්ල දවාගන්නට තරිඳු රත්නායකට හැකියාව ලැබුණා.

බංග්ලාදේශ දෙවන ඉනිමේ බිඳ වැටුණු කඩුලු හයෙන් නායක ධනංජය ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙක බැඟින් දවාගැනීමට සමත් වුණා.

තරගයේ තුන්වන දිනය වූ අද (27) දිනට තරගය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ශ්‍රී ලංකා පළමු ඉනිමට තවත් ලකුණු 168ක් එක්වෙද්දී අනෙකුත් කඩුලු 08 බිඳ වැටුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම අවසන් කළේ බංග්ලාදේශයට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් සිටිමින්.

මේ අතර අද දිනයේ පන්දුවට පහර දෙමින් සිටිය දී ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වුණා.

ආබාධය හේතුවෙන් ඔහුට කඩුලු රැකීම සඳහා බංග්ලාදේශ දෙවන ඉනිමේ දී පිටියට පිවිසියේ නැහැ.

ඔහු දැනට කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාගෙන් ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඉදිරියේ දී අවශ්‍ය වුවහොත් මෙන්ඩිස්ව MRI ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39