තුන්දෙනෙක්ටම කොරෝනා කමිටුව එපා වීම ගැන සුදර්ශනී කියපු කතාව

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු තිදෙනකු  කොවිඩ්  මර්දන තාක්ෂණ කමිටුවෙන් ඉවත් වුවත්ඔවුන් සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ වෙනුවෙන් දායකත්වය දිගටම දක්වන බව  ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන  රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ අතර සංචරණ සීමා පණවා එක් ප්‍රභේදයක් පාලනය කළත් තවත්  අලුත් සැර ප්‍රභේද වරින් වර  මතුවිය හැකි බවත් පවතින තත්වය තේරුම් ගෙන ජනතාව කොවිඩ්  සමග ජීවත්වීමට හුරු  පුරුදු විය යුතු බවත්  ඇය සඳහන් කළාය.

අද ලෝකයේ බොහෝ  රටවල් ලොක්ඩවුන් තත්වයට නොයන  බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  චෝදනා කිරීමෙන් වැළකී කොරෝනා  පරාජය කිරීමට සියලු දෙනා එක් විය යුතු බවද පැවැසුවාය.

මේ පවතින්නේ  චෝදනා කර කර ඉඳීමට කාලයක් නොවේ යැයිද විශාල අර්බුදයක් තිබෙන අවස්ථාවක  සමහරු ෂර්ලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලීම වැරදියි යැයිද  ඇය කීවාය.

එන්නත්වලට ලොකු ඉල්ලුමක් ඇතිවී ඇති වී තිබෙන හෙයින් සමහර ස්ථානවල  ලොකු තදබදයක් පවතින බව පැවසූ  රාජ්‍ය ඇමැතිවරිය එවැනි ස්ථානවල ජනතාව සෞඛ්‍ය නීති හරියාකාරව පිළිපැදිය යුතු බවද සඳහන් කළාය.

පශ්චාත් කොවිඩ් රෝගී තත්වයන් සම්බන්ධ තොරතුරු සායනික වෛද්‍යවරුන්  ලබාදිය යුතු බවද  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09