තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කළ විද්‍යුත් උපකරණ අත්අඩංගුවට

තීරු බදු නොගෙවා රැගෙන ආ ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුලු උපකරණ තොගයක් නීති විරෝධීව කටුනායක ගුවන්තොටුපලින් පිටතට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් කෝටියක් වටිනා ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන සහ උපාංග ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සැකකරුවන් දෙදෙනා තීරු බදු නොගෙවා රැගෙන විත් ඇති අතර ඒවා ගුවන් තොටුපළින් පිටතට ගෙන යමින් සිටියදීයි ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මේ පිළිබඳ කොට්ඨාස බුද්ධි අංශය විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත තොරතුරු ලබා දී තිබූ අතර මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ මග හැර මෙම භාණ්ඩ තොගය ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි බව සඳහන්.

සැකකාර ව්‍යාපාරිකයන් දෙදෙනා මෙම විද්‍යුත් උපකරණ තොගය භාණ්ඩ ප්‍රවාහනය සදහා ඇති ට්‍රොලි තුළ අසුරා ගෙන ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන පැමිණ තිබෙනවා.

ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු මාතර හක්මන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් වන අතර අනෙක් ව්‍යාපාරිකයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්.

ඔවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 1025 දරන ගුවන් යානාවලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙලෙස නීතිවිරෝධීව රැගෙන විත් තිබූ විද්‍යුත් සන්නිවේදන උපකරණ අතර ලැප්ටොප් පරිගණක 17ක්, ඇපල් ජංගම දුරකථන 47ක්, ලීටර් 01 විස්කි බෝතල් 22ක්, ජේ.බී.එල්. සංගීත උපකරණ 03ක්, ඇපල් ජංගම දුරකථන චාජර් 200ක්, රැහැන් රහිත මයික්‍රොපෝන් 03ක්, ආරක්ෂිත වර්ණ කැමරා පද්ධති 08ක්, ඇපල් ජංගම දුරකථන උපාංග 55ක් සහ ඇපල් ජංගම දුරකථන බැටරි 39ක් තිබූ බව සඳහන්.

මෙම විද්‍යුත් උපකරණ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37