තීරණාත්මක තරගයේ පාකිස්තානුවන් පළමුවෙන් පන්දු යවයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට පාකිස්ථාන නායක සල්මන් අලි අගා සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු වී ඇති අතර මහිෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබෙනවා.