තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජය

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ මුහුණ දුන් තෙවන තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (20) හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ දී ප්‍රතිවාදීන් වූ නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 21ක් තුළ ලකුණු 14ක් රැස් කළා. සුපිරි ඉනිමක් ක්‍රිඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු 79ක්

මෙම තරගයේ දී ද පිට පිට කඩුලු 2ක් ලබා ගන්න ට නෙදර්ලන්ත පන්දු යවන ක්‍රීඩක පාවුල් වේන්ට හැකියාව ලැබුණා.

එහිදී චරිත් අසලන්ක ලකුණු 31ක් භානුක රාජපක්ෂ ලකුණු 19ක් , සහ දසුන් ශානක 8 ක්ද ලබාගත්තා.

මෙම තරගය ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 163ක ඉලක්කයක් හිමිව තිබුණා.

මෙම තරගය ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 163ක ඉලක්කයක් හිමි වූ අතර, ශ්‍රි ලාංකා කණ්ඩායමේ පන්දු බලඇණිය හමුවේ නෙදර්ලන්ත කණ්ඩායමට සියල්ල දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි.ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක ජයක් වාර්තා කළා.

නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිකරණයක නියැලුණු ආරම්භක පිතිකරු Max O’Dowd නොදැවී ලකුණු 71ක් වාර්තා කළා.

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා.

තරගයේ විරයා කුසල් මෙන්ඩිස්

point
DIM2022066c4960 mr


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59