තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි තරගය අද (09) පැවැත්වෙන අතර එම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට මීට ටික වේලාවකට පෙර ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඉන්දීය කාන්තා කණ්ඩායම සමගින් මෙම තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ ඩුබායි හිදීයි.

අද තරගයේ ඉන්දීය කණ්ඩායම මෙහෙයවීම Harmanpreet Kaur විසින් සිදු කරනු ලබන අතර චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනවා.

මේ වනවිට A කාණ්ඩයෙන් ඉන්දීය කණ්ඩායම පැවති තරග 02න් එකක් ජයගෙන තුන්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට එම ලැයිස්තුවේ අවසන් ස්ථානය හිමිව ඇත්තේ මුහුණ දුන් එකදු තරගයක් හෝ ජයගැනීමට නොහැකි වීම හේතුවෙන්.

අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක වනු ඇති.

ඒ අවසන් පූර්ව වටයට පිවිසීමේ යම් තාක් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීම ඔවුන්ට අත්‍යවශ්‍යම වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32