තීරණාත්මක තරගයක කාසියේ වාසිය දකුණු අප්‍රිකානුවන්ට

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (24) පැවැත්වෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් දේශය සහ දකුණු අප්‍රිකාව අතරයි.

මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබනවා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ඇන්ටිගුවා හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුව පන්දුවට පහරදීම සඳහා කොදෙව්වන්ට ආරාධනා කළා.

කොදෙව්වන් අද තරගය සඳහා එක්වන්නේ එක් වෙනස්කමක් සමඟින් එක්වන අතර ජොන්සන් චාර්ල්ස් වෙනුවට කයිල් මේයර්ස් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මෙම තරගය 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ Group 01 තරගයක්වන අතර, එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබාගැනීමට එංගලන්තය ඊයේ සමත් වුණා.

ඒ, ඇමරිකාව සමඟ පැවති තරගය ඉහළ දළ ලකුණු ලබාගැනීමේ වේගයක් සමඟ කඩුලු 10කින් ජය ගැනීමත් සමඟයි.

අද තරගයෙන් ජයගන්නා කණ්ඩායම මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ Group 01 කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19