තීරණාත්මක තරගයක කාසියේ වාසිය දකුණු අප්‍රිකානුවන්ට

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (24) පැවැත්වෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් දේශය සහ දකුණු අප්‍රිකාව අතරයි.

මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබනවා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ඇන්ටිගුවා හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුව පන්දුවට පහරදීම සඳහා කොදෙව්වන්ට ආරාධනා කළා.

කොදෙව්වන් අද තරගය සඳහා එක්වන්නේ එක් වෙනස්කමක් සමඟින් එක්වන අතර ජොන්සන් චාර්ල්ස් වෙනුවට කයිල් මේයර්ස් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මෙම තරගය 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ Group 01 තරගයක්වන අතර, එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබාගැනීමට එංගලන්තය ඊයේ සමත් වුණා.

ඒ, ඇමරිකාව සමඟ පැවති තරගය ඉහළ දළ ලකුණු ලබාගැනීමේ වේගයක් සමඟ කඩුලු 10කින් ජය ගැනීමත් සමඟයි.

අද තරගයෙන් ජයගන්නා කණ්ඩායම මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ Group 01 කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42