තීරණාත්මක අවසන් ටෙස්ට් තරගය අද පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩි හි දී

පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද (30) ආරම්භ වනවා.

ඒ රාවල්පිණ්ඩි නුවරදී පෙරවරු 10.30ටයි.

තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය පාකිස්තානයට එරෙහිව ලැබූ සිය කුළුඳුල් ටෙස්ට් ජයග්‍රහණයත් සමග බංග්ලාදේශය ඉදිරියෙන් සිටිනවා.

එබැවින් අද තරගය ජයග්‍රහණය කිරීම දෙපිළට ම තීරණාත්මක වනු ඇති.

බංග්ලාදේශය පළමු තරගය කඩුලු 10කින් පාකිස්තානයට එරෙහිව ජය ගත්තා.