spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තීරණය රිවස් කරපු සියඹලාපිටිය

පසුගිය දා නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉවත්වීම සඳහා ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ රංජිත් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉවත් නොවීමට තීරණ කර තිබේ.

අද (අප්‍රේල් 8) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එම ප්‍රකාශය සිදු කරමින් නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, කොන්දේසි දෙකක් යටතේ තමන් මෙම තීරණය ගත් බව ය.

ඒ අනුව, තමන් මෙම අප්‍රේල් මාසය සඳහා පමණක් එම ධූරයේ රැඳී සිටින බව ත් ඉල්ලා අස්වීම භාර දුන් අප්‍රේල් 05 වන දායින් පසුව නියෝජ්‍ය කතානායක ධූරයට හිමි වරප්‍රසාද කිසිවක් භාවිත නොකරන බව ත් ඔහු පැවසීය.

යම් හෙයකින් තම එම වරප්‍රසාද භාවිත කළහොත් ඒ සඳහා අය කිරීමක් සිදු කරන ලෙස ගණකාධිකාරවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු එහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?