තිළිණ ගමගේ හට ස්ථාන මාරුවීමක් – විනිසුරු තනුජා කොළඹට

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා හට ස්ථාන මාරු වීමක් ලබා දී තිබෙනවා.

මෙම ස්ථාන මාරුවීම අද (31) දින සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තිළිණ ගමගේ මහතා මොරටුව දිසා අධිකරණය වෙත මාරු කර යවා තිබෙනවා.

මෙම ස්ථාන මාරුවෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පත් කර ඇත්තේ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියයි.

ඇය මීට පෙර කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළා.

මෙම ස්ථාන මාරුවීම අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබා දෙනු ලැබුවා.

පසුගියදා සිය සහෝදරයෙක් සම්බන්ධයෙන් වන අල්ලස් නඩුවකට තමන්ට පෙනී සිටීමට නොහැකි බව සඳහන් කරමින් එම නඩුව වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස ඉල්ලා මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට පිළිතුරු වශයෙනුයි මෙම ස්ථාන මාරුවීම සිදු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38