spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිළිණි ප්‍රියමාලිට එරෙහි පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළට

බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගව පසුවන තිළිණි ප්‍රියමාලි නැමැත්තියට එරෙහිව ලැබී ඇති පැමිණි සංඛ්‍යාව තවත් ඉහළ ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව ඇයට එරෙහිව ඊයේ දිනයේත් තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පැමිණිල්ලත් සමඟ තිළිණි ප්‍රියමාලිය එරෙහිව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 09ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී පසුගිය දා ජංගම දුරකථනය සොයා ගැනීමට බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හැකියාව ලැබුණා.

එම දුරකථනය වෙනත් කාන්තා රැදවියෙකු විසින් ලබා දී ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

රුපියල් පනස් දහසක් ලබාදෙන බවට පවසමින් ඇය විසින් සිර මැඳිරියේ සිටි කාන්තා රැඳවියෙකුගෙන් මෙම ජංගම දුරකතනය ලබාගෙන ඇති බවට පරීක්ෂණ වලදී හෙළිව තිබෙනවා.

අදාළ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (10) සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?