තිස් වසරක මතකයන් සමඟ තවමත් හික්කඩුවට පෙම්බඳින සුපිරි හොලිවුඩ් නළුවා

තමාගේ රංගන දිවිය තුළ වඩාත්ම ප්‍රියකරන චිත්‍රපට දර්ශන තලය ශ්‍රී ලංකාවේ හික්කඩුව බව සුපිරි හොලිවුඩ් නළු රයන් රෙනොල්ඩ්ස් පවසා තිබෙනවා.

රයන් රෙනොල්ඩ්ස් මේ බව පවසා ඇත්තේ ජස්ට් ෆෝ ලාෆ් වැඩසටහනට පසුගිය සති අන්තයේ එක්වෙමින්.

1993 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දී රූගත කර ඇති ඕඩිනරි මැජික් චිත්‍රපටය රයන් රෙනොල්ඩ්ස්ගේ පළමු චිත්‍රපටය වනවා.

ඒ අනුව චිත්‍රපටය රූගත කර වසර 30ක් ගතවුවත් එම දර්ශන තල පිළිබඳව මතකයන් රයන් රෙනොල්ඩ්ස් මෙම වැඩසටහන තුළ දී යළිත් අලුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රූගත කළ තමාගේ පළමු චිත්‍රපටය, අවේණික ලක්ෂණ වලින් යුත් ශ්‍රී ලංකාව තම මනස නව මානයන්ට පුළුල් කළ බවත් රයන් රෙනොල්ඩ්ස් මෙහිදී වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40