spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිස් වසරක මතකයන් සමඟ තවමත් හික්කඩුවට පෙම්බඳින සුපිරි හොලිවුඩ් නළුවා

තමාගේ රංගන දිවිය තුළ වඩාත්ම ප්‍රියකරන චිත්‍රපට දර්ශන තලය ශ්‍රී ලංකාවේ හික්කඩුව බව සුපිරි හොලිවුඩ් නළු රයන් රෙනොල්ඩ්ස් පවසා තිබෙනවා.

රයන් රෙනොල්ඩ්ස් මේ බව පවසා ඇත්තේ ජස්ට් ෆෝ ලාෆ් වැඩසටහනට පසුගිය සති අන්තයේ එක්වෙමින්.

1993 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දී රූගත කර ඇති ඕඩිනරි මැජික් චිත්‍රපටය රයන් රෙනොල්ඩ්ස්ගේ පළමු චිත්‍රපටය වනවා.

ඒ අනුව චිත්‍රපටය රූගත කර වසර 30ක් ගතවුවත් එම දර්ශන තල පිළිබඳව මතකයන් රයන් රෙනොල්ඩ්ස් මෙම වැඩසටහන තුළ දී යළිත් අලුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රූගත කළ තමාගේ පළමු චිත්‍රපටය, අවේණික ලක්ෂණ වලින් යුත් ශ්‍රී ලංකාව තම මනස නව මානයන්ට පුළුල් කළ බවත් රයන් රෙනොල්ඩ්ස් මෙහිදී වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?