තිස්සකුට්ටි ආරච්චි 15 වනදා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි ලබන 15 වනදා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මීට පෙර ඔහුට පසුගිය 08 වනදා එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද, ඔහු එදින එහි නොපැමිණ බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඌව ප්‍රාග්ධන බැංකුවේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධ‍යෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මන්ත්‍රීවරයාව එම කොට්ඨාසය හමුවට කැඳවා තිබුණා.