තිස්සට අවසන් ගෞරව දක්වන්න මහින්ද එයි

මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ දැවැන්තයෙකු මෙන්ම, ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය අභවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (14) අවසන් ගෞරව දැක්වුවා.

අභවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු අනිද්දා (16) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

ඔහුගේ දේහය අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් අද දිනය පුරා බොරැල්ලේ පිහිටි එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

කලක් රෝගාතුරව සිට ඔහු කෝට්ටේ, නාවල පාරේ පිහිටි සිය නිවසේ දී ඊයේ (13) අභාවප්‍රාප්ත වනවිට 92 වියේ පසුවුණා.

  1. හොඳ මිනිස්සු මැරෙනවා හොරු ඇවිත් අවසන් ගෞරව දැක්වීම ?අපේ රටේ අවාසනාව නේද