spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිස්එක් වසරකට පෙර සිදු වූ ද්විත්ව ඝාතනයකට සම්බන්ධ අයෙක් පොලිස් අත්අඩංගුවට

1991 වර්ෂයේ මහරගම නාවින්න ප්‍රදේශයේ සහ පානදුර, ජනප්‍රිය මාවත ප්‍රදේශයේ සිදු වූ පිය පුතු ඝාතනයනට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (07) දිනයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාළ ඝාතනයන්ට සම්බන්ධ තවත් සැකකරුවෙක් පසුගිය මස 29 වනදා අත්අඩංගුවට ගෙන සිදුකරගෙන ගිය වැඩිදුර විමර්ශනවලින් අනතුරුවයි.

ඊයේ (07) අත්අඩංගුවට පත් සැකකරු වාද්දූව, මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනයන් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මස 29 වනදා අත්අඩංගුවට ගත් පළමු සැකකරු තවත් පිරිසක් සමඟ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එම සාදයෙන් අනතුරුව පානදුර, ජනප්‍රිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි පුතාය තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවයි.

අනතුරුව එම මළ සිරුර දාම්පේ, බොල්ගොඩ ගඟ අසල මඩ වඟුරකට දමාගොස් තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව එම ඝාතනයට සම්බන්ධ අදාළ මත්පැන් සාදයේ සිටි තවත් පුද්ගලයෙකුයි ඊයේ (07) දිනයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අද (08) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනයන්ට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?