තිස්එක් වසරකට පෙර සිදු වූ ද්විත්ව ඝාතනයකට සම්බන්ධ අයෙක් පොලිස් අත්අඩංගුවට

1991 වර්ෂයේ මහරගම නාවින්න ප්‍රදේශයේ සහ පානදුර, ජනප්‍රිය මාවත ප්‍රදේශයේ සිදු වූ පිය පුතු ඝාතනයනට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (07) දිනයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාළ ඝාතනයන්ට සම්බන්ධ තවත් සැකකරුවෙක් පසුගිය මස 29 වනදා අත්අඩංගුවට ගෙන සිදුකරගෙන ගිය වැඩිදුර විමර්ශනවලින් අනතුරුවයි.

ඊයේ (07) අත්අඩංගුවට පත් සැකකරු වාද්දූව, මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනයන් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මස 29 වනදා අත්අඩංගුවට ගත් පළමු සැකකරු තවත් පිරිසක් සමඟ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එම සාදයෙන් අනතුරුව පානදුර, ජනප්‍රිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි පුතාය තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවයි.

අනතුරුව එම මළ සිරුර දාම්පේ, බොල්ගොඩ ගඟ අසල මඩ වඟුරකට දමාගොස් තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව එම ඝාතනයට සම්බන්ධ අදාළ මත්පැන් සාදයේ සිටි තවත් පුද්ගලයෙකුයි ඊයේ (07) දිනයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අද (08) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනයන්ට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37