නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් වෙයි

මගීන් 65 දෙනෙකු රැගත් සංක්‍රමණික යාත්‍රාවක් ලිබියානු මුහුදු තීරයේ දී පෙරළී අනතුරට ලක්ව තිබෙනවා.

එහි සැලකිය යුතු පාකිස්තාන ජාතිකයන් පිරිසක් සිටින්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ලිබියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මගීන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සහ අනතුරට පත් වූවන් මුදා ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි.

වින්දිතයන් හඳුනා ගැනීමට සහ අවශ්‍ය කොන්සියුලර් සහාය ලබා දීමට ප්‍රාදේශීය බලධාරීන්ට සහාය වීමට ට්‍රිපොලි හි පාකිස්තාන තානාපති කාර්යාලය විසින් කණ්ඩායමක් අනතුර සිදු වූ මුහුදු ප්‍රදේශයට ආසන්න රෝහල වෙත යොමු කර තිබෙනවා.

නීතිවිරෝධීව යුරෝපයට සංක්‍රමණය වන පුද්ගලයින්ගේ ප්‍රධාන සංක්‍රමණ මධ්‍යස්ථානයක් ලෙස ලිබියාව සැලකෙනවා.

පසුගිය මාසයේ දී මෙවැනි සිදුවීමක දී, මොරොක්කෝ වෙරළ ආසන්නයේදී මගීන් 80 දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරළී ගිය අතර එහිදී මියගිය 40 දෙනා අතර පකිස්තාන ජාතිකයන් 13 දෙනෙකු ද සිටියා.

වැඩිවන මරණවලට ප්‍රතිචාර වශයෙන්, පකිස්ථාන බලධාරීන් නීතිවිරෝධී සංක්‍රමණ මැඩලීමේ උත්සාහයන් ද තීව්‍ර කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44