තිලිණි පෙරේරා සුදේවට දන්වමින් ස්වර්ණවාහනියෙන් ඉල්ලා අස්වෙයි.. සිදුවූ ෙදයක් ගැන හෙළිකරයි

ස්වර්ණවාහිනි නාලිකාවේ නිවේදිකාවක් ලෙස සේවය කළ තිලිණි පෙරේරා එම ආයතනයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වනවා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි වෙත ලිපියක් යොමු කරමින් ඇය පවසන්නේ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වූවද ස්වර්ණවාහිනී කටයුතු වලදී තවදුරටත් මෙහෙයවන්නෙ ඔහු විසින් බවයි.

තමන් යටතේ සිටින සේවකයන්ට සාධාරණය කළ නොහැකිව ලයිකා මොබයිල් සමාගමේ මුදල් වලට කටයුතු කරන්නෙකු බව ද ඇය තම ඉල්ලා අස්වීමේ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. අදාල සම්පූර්ණ ලිපිය මෙසේය.

ඉතින් ආයුබෝවන් ස්වර්නවාහිනී –

ස්වර්නවාහිනියෙන් නිල වශයෙන් සමුගනිමි.

සුදේව හෙට්ටිආරච්චි වෙත ලියමි, මීට අවුරුද්දයි මාස 3කට පෙර එනම් 2020.09.22 දින මාගේ සහ ස්වර්නවාහිනි හිටපු නිවේදක නදීක කරුණානායකගේ සියලු වැඩසටහන් නිවේදන කටයුතු නවත්වා කිසිදු හේතුවක් නොදන්වා පරීක්ෂණයක් පවත්වන බව පැවසූ දිනයේ, ප්‍රධාන විධායක නිලදාරියා වූයේ ඔබ බැවින්ද , මේ වන විට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ශ ජනරාල්වරයා වුවද ස්වර්නවාහිනියේ කටයුතු මෙහෙයවන්නේ ඔබ බවට ආයතනයේ කා අතරත් ප්‍රසිද්ධ රහසක් බැවින්ද මෙම ලිපිය ලැබීමේ එකම සුදුස්සා ඔබ යැයි සිතමි.

එදා සිට අද දක්වා තිරයේ නොපෙනුණත් අද දක්වා ස්වර්නවාහිනියේ සේවිකාවක් වූ බැවින් බොහෝ දෙනෙක් විමසූ ප්‍රශ්න වලට සත්‍ය කිව නොහැකිව නිශ්ශබ්දව සිටින්නට සිදු විය.

ඔබත් රංගන ද සිල්වාත් ස්වර්නවාහිනියට පැමිණෙද්දී එක් කරුණක් පිලිබඳව මා ඇතුලු අනෙක් සේවකයින් සතුටු විය.

ඒ විජාතික සමාගමක් වන ලයිකා මොබයිල් සමාගම විසින් මිලට ගත් ස්වර්නවාහිනියේ ප්‍රධාන තනතුරකට මෙරට මාධ්‍ය ක්ශේත්‍රයේ කොතැනක හෝ සිටි අය පැමිණීම ගැන සතුටක් වූ බැවිනි.

ඔබ පැමිණීමෙන් පසු මුල් වරට අප හමුවී ස්වර්නවාහිනියේ මෙතෙක් කලක් සිටි නිවේදකයින් සම්පතක් බවත් ගමන ඇත්තේ ඒඅයත් සමග බවත් කියද්දී එම සතුට වැඩිවිය.

ඔබේ අතීතය ගැන දන්නා සමහරු නම් ඒවා වචන පමණක් විය හැකි බව කීවත් ඒ තරම්ම මවා පෙන්විය හැකි යැයි නොසිතුවෙමි.

කෙසේ වෙතත් ඒ සමහරු කී දේ පසක් කරමින් මුලින් කී කතා බොරු රංගන බව තේරුම් ගන්නට හැකි වූයේ අප රාජකාරි වලින් ඉවත් කිරීමෙන් පසුවයි.

එවකට ස්වර්නවාහිනියේ සිටි මාධ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීන , ජනප්‍රිය නිවේදකයින්ටද දවසින් දවස පල නොකියා පලා බෙදද්දී මට කවර කතා දැයි අමුතුවෙන් කිවයුතු නැත.

මා මුලින් සඳහන් කල නදීක කරුණානායක හා මා සියලු වැඩසටහන් වලින් ඉවත් කර ලිපියක් ලබා දුන් දිනයේ ඒ ගැන විමසීමට යද්දී ඔබ පිළිතුරු නොදී පලාගිය අයුරු අදටද සිහිවේ.

රූපවාහිනී තිරය ඉදිරියේ රටේ නම ගිය චරිත ප්‍රශ්න කල ඔබේ ප්‍රතිරූපය මා වැනි වයසින් බාල , තනතුරින් පහල නිවේදිකාවක් ඉදිරියේ හෑල්ලු වූයේ ඇයි දැයි මම නොදනිමි.

මා නීතිඥවරියක ලෙස දිවුරුම් දී සේවයට පැමිනි මුල්ම දිනයේ එය සිදුවීමත් , ඔබ හැර ආයතනයේ සියලු දෙනා මට සුබ පැතූ බවත් කිසිදා අමතක නොවේ.

එදින ඔබට මා ඉදිරියේ පිළිතුරක් නැති වූයේ මේ සමස්ත සිදුවීම ඔබගේ පමණක් සැලසුමක් නොවූ නිසා විය හැක.

විදේශයක සිට එන බලවේගයක් විසින් ඔබව මෙහෙයවූවා විය හැකි බැවින් ඔබ කෙරෙහි කිසිදු වෛරයක් මට නැත.

බහුතරයක් දෙනා මුලින්ම සිතන්නේ තමන් ගැනය.

සිතා ගත නොහැකි තරමේ වැටුපක් ආරාක්ශා කර ගැනීමට සහෝදර සේවකයින් නෙරපා හැරීමටත් වඩා දේ ඉදිරියේදී ඔබට කරන්නට සිදු වුවහොත් ඊටද පුදුම විය යුතු නැත.

2022 වසර ආරම්භයත් සමග ස්වර්නවාහිනියත් සමග තිබූ ව්‍යාකූල වූද , පීඩාකාරී වූද බැඳීම ලිහා දමන්නට සැලසීම මට නම් මහත් සහනයකි.

මාස 15ක් තිස්සේ ද්වේශ සහගත ලෙස අවහිර කර තිබූ නිවේදන ගමන හෙට සිට මට නිදහසේ යළි ඇරඹිය හැකි වනු ඇත.

අවසාන වශයෙන්, රූපවාහිනී තිරය ඉදිරියේ තමන් සර්ව සාධාරණ බව හඟවමින් මවා ගන්නා ව්‍යාජ ප්‍රතිරූප වලට ඇත්තේ තාවකාලික පැවැත්මකි.

එකී ව්‍යාජ ප්‍රතිරූප ගැන රටේ සමස්තයක් දෙනා නොදන්නවා වුවද ස්වර්නවාහිනි මාධ්‍ය ආයතනයේ සේවකයින් නම් හොඳින් දනී.

රටේ ප්‍රධාන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම සඳහා රඟපෑමට පෙර ස්වර්නවාහිනි නාලිකාවේ සේවකයින් කී දෙනෙකු නව කළමණාකාරීත්වයේ අසාධාරණ තීරණ හේතුවෙන් සාධාරණත්වය පතා අධිකරණය ඉදිරියට ගොස් ඇත්දැයි පරීක්ශා කර බලන මෙන් ඉල්ලමි.

ඒ සංඛ්‍යාවට හෙටින් පසු තවත් 1ක් එකතු කරගන්න.

තමන් යටතේ සිටින සේවකයින්ට සාධාරණයක් කල නොහැකිව ලයිකා මොබයිල් සමාගමේ මුදල් වලට කීකරු වන ඔබ අසරණයැයි සිතා ඔබට අනුකම්පා කරමි.

තිළිණි පෙරේරා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32