තිලකරත්න ඩිල්ෂාන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු සඳහන් කළේ ඊයේ පැවති පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ උත්සවය වඩාත් සුවිශේෂී වූයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පැමිණීමත් සමඟ බවයි.

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු ලෙස, ඔහු ප්‍රාදේශීය ක්‍රිකට් කණ්ඩායමකට බැඳීමට සහ දක්ෂතා තම ප්‍රජාව සමඟ බෙදාගැනීමට තීරණය කරනු ඇතැයි බලාපොරොත්තුවන බව ද ජේසන් වුඩ් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඩිල්ෂාන්ගේ දියණිය රෙසන්දි ද තම පියාගේ අඩි පාරේ යන බව අසන්නට ලැබීම සතුටක් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා පොදු සුදුසුකම් සහ නිර්ණායක රැසක් පවතිනවා.

සාමාන්‍යයෙන්, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් පුරවැසි පරීක්ෂණයකින් සමත් වී තිබිය යුතු වනවා.

එමෙන්ම අයදුම් කරන අවස්ථාවේ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකු ද විය යුතුයි.

ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබාගත් තිලකරත්න ඩිල්ෂාන් 2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක්.

01 9


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51