තිලංග සුමතිපාල රටේ ප්‍රධාන ආයතනයක සභාපති ධුරයට

ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු හා දේශපාලනඥයකු වන ආචාර්ය තිලංග සුමතිපාල මහතා පත්කර තිබෙනවා.

මැලේසියාව පදනම් කරගත් ඒෂියා කැපිටල්හි ආයෝජක ඩැටෝ ශ්‍රී විජය ඊශ්වරන් සමාගමේ නව ප්‍රවේශය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ඉතා දක්ෂ පරිපාලන හැකියාවක් ඇති නායකත්වයේ විශිෂ්ටයෙකු ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගම නව මානයකට ගෙන යාම සඳහා සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ ඇති බවයි.

“ඒෂියා කැපිටල් සඳහා අපගේ පොදු නව මූලෝපායික දිශානතිය මෙහෙයවීමේ නායකයා වන තිලංග සුමතිපාල මහතා ඉදිරි දශකයේ පශ්චාත් වසංගත අවධිය සඳහා ආසියා ප්‍රාග්ධනය සඳහා වේදිකාවක්ද නිර්මාණය කරනු ඇති බව ”ඩැටො ශ්‍රී විජය ඊශ්වරන් සදහන් කළා.

ශ්‍රී කොටස් වෙළඳපොලේ ලංකා ලැයිස්තු ගත පොදු සමාගමක් වන ඒෂියා කැපිටල් සමාගම විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් ඔවුන්ව ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පොළොඹවන ප්‍රකට පෙළේ මූල්‍ය හා උපායමාර්ගික සැලසුම් සපයන කීර්තිමත් සමාගමක්. මව් සමාගම සතුව ආයතන 12ක් ක්‍රියාත්මක අතර සුඛෝපභෝගී පරිසර හිතකාමී හෝටල් 5ක්ද සමාගමට අයත් වනවා.

බිලියන 4කට වැඩි ප්‍රාග්ධන වටිනාකමක්ද සමාගම සතු වනවා. “තිලංග සුමතිපාල මහතා ටෙලිකොම් සභාපතිවරයා වශයෙන් සිටිමින් කළ සේවය අතිවිශිෂ්ටයි.

එතුමන් එය ලාභ ලබන ආයතනයක් බවට පත්කළා පමණක් නොව, මොබිටෙල් ආයතනයද පවරා ගනිමින් සන්නිවේදන විප්ලවයක්ද ශ්‍රී ලංකාව තුළ සිදුකළා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා වශයෙන්ද, රාජ්‍ය අමාත්‍යවරයකු වශයෙන්ද ඔහු ශ්‍රී ලංකාවට විශාල සේවයක් ඉටුකර තිබෙනවා.

ඒෂියා කැපිටල් සමාගමේ උපායමාර්ගික නව දිශාවට ඔහුගේ නායකත්වය ලැබීම අප සියලු දෙනාම ලැබූ විශාල භාග්‍යයක්” බවයි ඩැටෝ ශ්‍රී විජය ඊශ්වරන් වැඩිදුරටත් කළේ. ඒෂියා කැපිටල් සමාගමේ සභාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසු ආචාර්ය තිලංග සුමතිපාල සිටියේ ආසියාව පුරා පිළිගත් විවිධාංගීකරණය වූසමූහ ව්‍යාපාරයක් වන ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගම සඳහා ශක්තිමත්, තිරසාර සංවර්ධන පදනමක් සැකසීම සඳහා තමන් සතු වෘත්තීය සුදුසුකම් හා පලපුරුද්ද උපරිම වශයෙන් යොදාගන්නා බවයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම පිළිගත්සන්නාමයක් ලෙස ඒෂියා කැපිටල් සමාගම මෙතැන් සිට වැජඹෙනු ඇතැයිද ඒ මහතා සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14