spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තිරිඟු පිටි සඳහා පනවා තිබූ බදු සහනය ඉවතට

තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක බදු සහනය ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව තිරිඟු පිටි කිලෝවක් සඳහා රුපියල් 16.00ක බද්දක් අය කෙරෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

කෙසේ වෙතත් තිරිඟු පිටි මිලෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශනය වන තිරිඟු පිටි සඳහා ලබා දී තිබූ කිලෝවට රුපියල් තුනක් වූ රේගු බද්ධ නැවත පැනවීම මගින්, 90 % ක් තරම් වූ යැපුම් මට්ටමේ වී ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා තිරිඟු පිටි මිල කළමණාකරණය කිරීම සිදුකරන බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?