තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සතුටු විය නොහැකියි – ජනපති

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි අතර ඊට අදාළව පෙන්නුම් කරන්නේ 12%ක ප්‍රගතියක් පමණක් බවත් අනෙකුත් තීරණාත්මක ඉලක්කවලින් 30%ක් තවමත් සපුරාගෙන නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (19) ආරම්භ කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුව අමතමින්.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් 2015 දී සම්මත කර ගන්නා ලද තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ඇතුළත් තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ පසුබිම පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වසරේම COP21 හි රටවල් 196 විසින් සම්මත කරගන්නා ලද පැරිස් ගිවිසුම තවත් සුවිශේෂී ගෝලීය මුලපිරිමක් බවයි සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

තිරසර සංවර්ධන ඉලක්ක ළගා කර ගැනීමට අප කැපවී සිටියද සම්පත්වල මතුව ඇති දැඩි හිඟය ඊට බාධාවක් වී තිබෙනවා.

එසේම 2020දී මුහුණදීමට සිදු වූ ගෝලීය වසංගත අපේක්ෂිත ඉලක්ක කරා ළගා වීම තවදුරටත් පසුබෑමට ලක්කර තිබෙනවා. ඒ නිසා සීමිතව පැවති සම්පත් තවදුරටත් සීමිත වුණා.

වසංගත තත්ත්වය මගින් පෙර පැවති ගෝලීය ණය අර්බුදය තවදුරටත් උග්‍ර කළ අතර එම තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් බංකොලොත්භාවයට ඇද දැමුවා.

දැන් මතුව ඇති ප්‍රශ්නය වන්නේ වත්මන් තත්ත්වය තුළ තිරසර සංවර්ධන ඉලක්ක ළගා කර හැකිද යන්නයි.

අප ශ්‍රී ලංකාව උදාහරණයක් ලෙස ගතහොත්, 2019 දී මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා අපගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%ක් ආයෝජනය කිරීම ප්‍රමාණවත් වනු ඇතැයි අප ඇස්තුමේන්තු කර තිබුණා.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය හමුවේ සිදු වූ ආර්ථික බිඳ වැටීම හා ඉන් අනතුරුව මුහුණදීමට සිදුවූ ආර්ථික අර්බුදය මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මහත් බාධාවක් වූ බව කිවයුතුයි.

එසේම ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම 2030 ට පෙර ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 26.5 ක සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍යයි. එය සපුරා ගැනීම ද විශාල අභියෝගයක්.

මෙම දරුණු ආර්ථික ගැටලුකාරී තත්ත්වයට ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියාවේ සහ අප්‍රිකානු බොහෝ රටවලට ද මුහුණදීමට සිදුව තිබෙනවා. බංකොළොත්භාවයෙන් මිදීමට සමත් රටවල් පවා මෙම අර්බුදය හමුවේ දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදෙමින් සිටිනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවලට 2030 වන විට ඩොලර් ට්‍රිලියන 5.9ක මුල්‍ය සම්පාදනයක් අවශ්‍ය බව G20 සමුලුව මෑත කාලීනව පෙන්වා දී තිබෙනවා. මීට අමතරව, 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට පිවිසීම සඳහා ඩොලර් ට්‍රිලියන 4 ක වාර්ෂික ආයෝජනයක් අවශ්‍ය වෙනවා.

බොහෝ ජාතීන්ට බලපා ඇති පෙර නොවූ විරු මූල්‍ය ව්‍යසනය හමුවේ මෙම ඉලක්ක සපුරා ගත හැකිද යන්න පිළිබඳ විවේචනාත්මක පරීක්ෂණයක් සිදු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.නව ගෝලීය මූල්‍ය පනත සඳහා වූ පැරිස් සමුළුව මූල්‍ය අභියෝගවලට මුහුණ දීමේ සහතිකයක් වනු ඇති බවත් මම විශ්වාස කරනවා.

කෙසේ වෙතත්, ගෝලීය මූල්‍යකරණයේ මෙම සංකීර්ණ සහ භයංකර තත්ත්වය හමුවේ මතුව ඇති අභියෝග ජය ගැනීමට මෙම තීරණාත්මක ක්‍රියාමාර්ගවලට ප්‍රවේශවීමේ කඩිනම් අවශ්‍යතාවය අවධාරණය කිරිමට කැමතියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51