තිරසර සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉන්දියාවට ණයක්

ඉන්දියාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් හිමි ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ණය මුදල ඊයේ (12) දින ආසියානු සංවර්ධන බැංකුවෙන් අනුමත කර ඇති බවයි.

අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉන්දියාවේ තිරසාර යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් රට සැලකිය යුතු අවදානමකට මුහුණ දී සිටින බැවින්, ඉන්දියාවේ ඩොලර් ට්‍රිලියනයක දේශගුණ මූල්‍ය පරතරය ආමන්ත්‍රණය කිරීම මෙම මුලපිරීමේ අරමුණ බව ද විදෙස් මාධ්‍ය වාර්තා පැහැදිලි කරනවා.

පාරිසරික වශයෙන් තිරසාර යටිතල පහසුකම් ප්‍රවර්ධනය කරමින් ඉන්දියාවේ ආර්ථික වර්ධනයට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) මෙම ණය මුදල අනුමත කිරීමේ අරමුණ බවයි වාර්තා වන්නේ.

ADB ණය, ස්වෛරී ඇපකරයක් සමඟින්, සීමාසහිත India Infrastructure Finance Company (IIFCL) වෙත තිරසාර යටිතල පහසුකම් සංවර්ධනයක් ලබා දෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42