තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කරයි

අද දින (28) අලුයම 01.30 පමණ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා පසුව ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරිමෙදී මිය ගොස් තිබුණා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.