තියුණු ආයුධයකින් පහර දී අයෙක් ඝාතනය කෙරේ

ඊයේ (18) රාත්‍රී කාලයේ කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට කොටහේන පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 22 ක් වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

රාත්‍රී කාලයේ ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව මරණකරු තම බිරිඳ සමඟ බ්ලූමැන්ඩල් රේල් පාර අසලට පැමිණි අවස්ථාවේ එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු විසින් මරණකරුව වෙනත් ස්ථානයකට කැඳවා ගොස් ඇති අතර ඒ අවස්ථාවේ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදු කර පලාගොස් තිබෙනවා.

ඝාතනයට හේතුව හා මෙම ඝාතනය කවුරුන් විසින් සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරික්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14