spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිසම විසින් සියලුම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ, අනුව දන්වා ඇත්තේ සහතික කරන තැපැල් ඡන්ද අයදුම්පත් මේ මස 20,21,22 හා 23 යන දිනයන්වල දී සිය කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත අතින් ගෙනවිත් භාර දෙන ලෙසයි.

තැපෑලේ දී ඇති විය හැකි ප්‍රමාදවීම් හා මෙම කාලය අතරතුර සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයන් යෙදී තිබීම හේතුවෙන් නියමිත දිනට පෙර අයදුම්පත් නොලැබිය හැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීම සඳහා වූ අයදුම්පත් භාරගැනීම ලබන 23 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?