තැපැල් ඡන්දය කල් යන ලකුණු

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් ලැබී නොමැති බැවින් ලබන 20 වනදාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පවසනවා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළව කිසිදු ගෙවීමක් මේ වන විට සිදු කර නොමැති බැවින් වැඩකටයුතු ආරම්භ කිරීමට නොහැකි බවයි ඇය පවසන්නේ.

ඡන්ද පත්‍රිකා සැකසීම ප්‍රතිඵල ලේඛන සැකසීම් ඇතුළු කාර්ය සදහා ගෙවිය යුතු රුපියල් මිලියන 152 ක මුදල ද සේවක ශ්‍රමය සදහා ගෙවිය යුතු රුපියල් මිලියන 52 ක මුදල ද ලැබී නොමැති බව මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියා.

මෙතෙක් නිමවා ඇති වැඩකටයුතුවලට රුපියල් මිලියන 40ක් පමණක් භාණ්ඩාගාරය ලබාදී ඇති බවයි ඇය පැවසුවේ.

යම් හෙයකින් මුදල් ලැබුණහොත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මසක පමණ කාලයක් ගත වන බවද ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.

මුද්‍රණාලයේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් ඉල්ලා සිටියද ඒ සදහා දින 4 ක හෝ 5 ක කාලයක් ගත වන බවට පොලිස්පතිවරයා දැනුම් දී ඇති බවයි ඇය කියා සිටියේ.

මැතිවරණ වියදම් සදහා මුදල් නිකුත් කිරීමට තම අනුමැතිය ප්‍රමාණවත් නැති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඊයේ ලිඛිතව දැනුම් දීමක් සිදු කළා.

ඒ සදහා මුදල් අමාත්‍යවරයාගේ ද අනුමැතිය අවශ්‍ය බවයි ලේකම්වරයා මැතිවරණ කොමිසම වෙත පිළිතුරු ලිපියක් යොමුකරමින් සදහන් කර තිබුණේ.

පවතින තත්ත්වය යටතේ මැතිවරණයකට මුදල් නිදහස් කිරීමට තම අනුමැතිය පමණක් ප්‍රමාණවත් නොවන බැවින් අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශකර තිබෙනවා.

මැතිවරණයේ කටයුතු සඳහා රුපියල් මිලියන 500කට අධික මුදලක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර රජයේ මුද්‍රණාලය විසින් පසුගිය 08 වනදා මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබුණා.

අදාළ දැනුම් දීම සම්බන්ධයෙන් මෙතෙක් මුදල් අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව රජයේ මුද්‍රණයාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ.

එබැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති අතර මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් රජයේ මුද්‍රණාලය වෙත ලැබිය යුතු බවත් ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළා.

යම් හෙයකින් ඉදිරි සතිය තුළ එම මුදල රජයේ මුද්‍රණාලය වෙත ලැබුණ ද ලබන 20 වන දිනට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට බාරදීමේ හැකියාවක් නොමැති බව මුද්‍රණාලායාධිපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ යළිත් වරක් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳ මතුවී ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක්.

මාර්තු මස 20 වන‍දාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත නොලැබුණහොත් මාර්තු 28 වන දින සිට පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනවා.

මේ අතර කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පාර්ලිමේන්තු වරසප්‍රසාදවලට මුවාවී ඡන්ද කල්දැමීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42