තැපැල් ඡන්දයට අයදුම්පත් භාරදීමට තිබූ කාලය අදින් අවසන් – නාම යෝජනාත් හෙටින් ඉවරයි

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ව සිදු කෙරෙන තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු අදින් (10) අවසන් වනවා.

අද මධ්‍යම රාත්‍රී 12න් එම කටයුතු අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව ලෙස පෙරේදා එනම් ඔක්තෝබර් 08 වැනිදා මධ්‍යම රාත්‍රී 12 වන තෙක් ලබා දුන්න ද එම කාලසීමාව දින දෙකක් තව දීර්ඝ කිරීමට කොමිෂන් සභාව කටයුතු කළා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ; මෙතෙක් තැපැල් ඡන්ද අයදුම්පත් භාරනොදුන් ඡන්ද දායකයෙකු වේ නම්; හැකි ඉක්මනින් තම ආසන්නතම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට ගොස් අතින් ගෙනැවිත් අයදුම්පත භාරදෙන ලෙසයි.

මෙවර මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වෙන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ සැප්තැම්බර් මස 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු විසුරුවනු ලැබීමත් සමගින්.

ඒ අනුව ඔක්තෝබර් මස 4 වැනි දින සිට හෙට (11) දින දහවල් 12.00 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීම සිදු කෙරෙනවා.

ඒ මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් මුල් කරගනිමින්.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 වැනිදා රැස්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38