තැපැල් ගාස්තුව ඉහළට

රුපියල් 15 ක් වන සාමාන්‍ය තැපැල් ගාස්තුව රුපියල් 50 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව තැපැල් පාර්තමේන්තුව කියයි . නව සංශෝධන සහිත ගැසට් පත්‍රය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත තැපැල්පතිවරයා විසින් ඉකුත් සිකුරාදා යවනු ලැබූ බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ ( 08 ) පැවැසීය .

ඒ අනුව මේ මස 15 වැනිදාට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අනිවාර්යයෙන්ම මේ මාසය තුළ ගාස්තු සංශෝධනය සිදුවන බවත් ඔහු කියා සිටියේය කෙසේ වෙතත් නව සංශෝධන අනුව මූලික තැපැල් ගාස්තුව රුපියල් 50 ක් දක්වා වැඩි වන නමුත් නව සංශෝධන අනුව පාර්සල් ගාස්තු ඇතුළු සමහර ගාස්තු පවතින ප්‍රමාණයට වඩා අඩුවනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය . විදේශ තැපැල් ගාස්තු හා පාර්සල් ගාස්තුවද පසුගිය මාසයේදී ඉහළ නංවනු ලැබිණි . මීට පෙර දේශීය තැපැල්ෆාස්තු සංශෝධනයක් සිදු වූයේ 2018 ජුනි මස 15 වැනිදාය .