තායි රජු සමලිංගික විවාහ පනතට අත්සන් තබයි

තායිලන්තය සමරිසි විවාහ පනතට අනුමැතිය ලබා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව වසරේ ජනවාරියේ සිට සමරිසි විවාහ වීමට එරට තුළ ඉඩකඩ ඇති බවයි.

ඒ සඳහා වන පනතට එරට තායි රජු මහා වජිරලොංකෝන් විසින් ඊයේ (24) රාජකීය ගැසට් පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

තායි රජු සහ ඔවුන්ගේ රජය විවාහ සමානාත්මතාව උදෙසා ගත් මෙම තීරණයට සමාජ ක්‍රියාකාරීන් සහ බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාව හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

තායිලන්තය අග්නිදිග ආසියාවේ සමලිංගික විවාහ පිළිගත් පළමු රට බවට ඒ අනුව පත් වුණා.

නීති සම්පාදනය දින 120කින් ක්‍රියාත්මක වීමට නියමිත බවත්, එනම් LGBTQ+ ජෝඩුවලට ලබන වසරේ ජනවාරි මාසයේ දී තම විවාහය ලියාපදිංචි කිරීමට හැකි වනු ඇති බවත් වාර්තා වනවා.

තායිවානය සහ නේපාලයට පසුව සමලිංගික ජෝඩුවලට නීත්‍යනුකූලව විවාහ විය හැකි ආසියාවේ තුන්වන ස්ථානය තායිලන්තය බවට පත් ව තිබෙනවා.

ඕනෑම ලිංගභේදයක විවාහ සහකරුවන් සඳහා පූර්ණ නෛතික, මූල්‍ය සහ වෛද්‍ය අයිතිවාසිකම් ලබාදෙන බවත් එය “පිරිමි”, “කාන්තාවන්”, “සැමියන්” සහ “භාර්යාවන්” වෙනුවට ස්ත්‍රී පුරුෂ සමාජභාවය – උදාසීන යෙදුම් භාවිතා කරන අතර, සමලිංගික ජෝඩු සඳහා දරුකමට හදා ගැනීමේ සහ උරුමය අයිතිවාසිකම් ද ලබා දී මෙම නීතියෙන් ලබා දී තිබීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14