තායිවාන සමුද්‍ර සන්ධිය ආශ්‍රිත චීනයේ විශේෂ මුර සංචාරය අවසන් කෙරේ

තායිවාන සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින උපායමාර්ගික දූපත් වටා තමන් සතු ස්වෛරී අයිතිය කිසිදු පාර්ශවයකට උල්ලංඝනය කළ නොහැකි බව තායිවාන රජය දැඩි ලෙස ප්‍රකාශ කර සිටින අතරතුර, චීන වෙරළාරක්ෂක බලකාය විසින් තායිවානයට අයත් දූපත් ආසන්නයේ දින කිහිපයක් පුරා දියත් කළ විශේෂ මිලිටරි මුර සංචාර මෙහෙයුම අවසන් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සහ මහාද්වීපික කටයුතු පිළිබඳ කවුන්සිලය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, තායිවානය පාලනය කරන ‘කින්මෙන්’ සහ ‘මත්සු’ යන දේශසීමා දූපත්වල සීමිත ජල සීමාවන් තුළට චීන වෙරළාරක්ෂක නැව් ඇතුළු වීම ජාත්‍යන්තර නාවික නීති සහ කලාපීය ස්ථාවරත්වය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

තායිවානය ස්වාධීන රාජ්‍යයක් බවත්, එහි භූමිය හෝ මුහුදු සීමාවන් ආක්‍රමණය කිරීමට චීනය දරන ඕනෑම උත්සාහයකට එරෙහිව සිය ආරක්ෂක අංශ සීරුවෙන් සිටින බවත් ටයිපේ බලධාරීහු අවධාරණය කළා.

කෙසේ වෙතත්, බීජිං හි චීන වෙරළාරක්ෂක බලකාය නිවේදනය කළේ, තායිවාන සමුද්‍ර සන්ධියේ නීතිය ක්‍රියාත්මක කිරීම, නාවික ආරක්ෂාව තහවුරු කිරීම සහ ධීවර කටයුතු නියාමනය කිරීම සඳහා දියත් කරන ලද “සාමාන්‍ය සහ නීත්‍යානුකූල” මුර සංචාර මෙහෙයුම් මාලාව සාර්ථකව අවසන් කළ බවයි.

තායිවානය චීනයේම කොටසක් ලෙස සලකන බීජිං පාලනය, තායිවානය වටා පවතින මුහුදු සීමාවන්හි සම්පූර්ණ අයිතිය තමන් සතු බවත්, එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමන්ට පූර්ණ බලය ඇති බවත් නැවත වරක් ප්‍රකාශ කර සිටිනවා.

මෙම නාවික බලපෑම් හේතුවෙන් කලාපය තුළ පවතින යුධමය නොසන්සුන්තාවය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48