තායිවාන තේ සංස්කෘතිය ඉන්දියාවට හඳුන්වා දීමේ වැඩසටහනක්

තායිවානයේ ජාතික චුන්ග් හ්සිං විශ්වවිද්‍යාලය (National Chung Hsing University) සමඟ එක්ව තායිපේ ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානය (TECC) විසින් සංවිධානය කළ “Chai pe Charcha with Taiwan 2026” වැඩසටහන ඉන්දියාවේදී සාර්ථකව පැවැත්වී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා රජයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ව්‍යාපාරික ප්‍රජාව සහ මාධ්‍ය නියෝජිතයන් ඇතුළු ආරාධිත අමුත්තන් 60 දෙනෙකු පමණ සහභාගී වූ අතර, ඔවුන්ට තායිවානයේ සම්ප්‍රදායික තේ සංස්කෘතිය සමීපයෙන් අත්විඳීමේ අවස්ථාව හිමි වුණා.

ජාතික චුන්ග් හ්සිං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෙඩ් චෙන් මහතා තායිවානයේ තේ නිෂ්පාදන සම්ප්‍රදාය, තේ සැකසීමේ ක්‍රමවේද සහ තේ පානය කිරීමේ ආචාර විධි පිළිබඳ දේශනයක් පැවැත්වුණා.

එමෙන්ම තේ විශේෂඥ ඇලෙක්ස් වු මහතා සම්ප්‍රදායික තායිවාන තේ උත්සවයේ ක්‍රමවේද ප්‍රායෝගිකව ඉදිරිපත් කරමින් තේ පෙරීමේ සිට ආරාධිතයන්ට පිළිගැන්වීම දක්වා වූ සෑම පියවරක්ම ප්‍රදර්ශනය කළා.

වැඩසටහනේ විශේෂත්වයක් වූයේ තායිවාන තේ සැකසීමේ තාක්ෂණය යොදාගෙන ඉන්දියාවේ නිෂ්පාදනය කළ තේ වර්ග රස බැලීමේ අවස්ථාව ද ආරාධිතයන්ට ලබාදීමයි.

මෙහිදී සංවිධායකයන් අවධාරණය කළේ, උසස් තත්ත්වයේ තේ කෝප්පයක් සංස්කෘතික උරුමයක සංකේතයක් පමණක් නොව, තායිවානය සහ ඉන්දියාව අතර මිත්‍රත්වය සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන සංස්කෘතික පාලමක් ලෙස ද කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40
Video thumbnail
සීතාවලිය සීතාඅම්මන් කෝවිලේ විශේෂ පූජාවට ආ ජපාන මහ කොමසාරිස්
02:04
Video thumbnail
කඩුවෙල පිවිසුමේ සීට් බෙල්ට් නීතිය අකුරටම බලයි - සීට් බෙල්ට දාලා නෑනේ..ඔක්කොම දාගන්න
04:49
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51