තායිවානයේ ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ (22) රාත්‍රියේ රිච්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනයෙන් පසු ඊයේ (22) රාත්‍රියේ සිට අද (23) අලුයම දක්වා පසු කම්පන 80 කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රිච්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයක් ගත මෙම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර, එහි ගොඩනැඟිලි ද සෙලවීමකට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ඊයේ සිදු වූ මෙම භූකම්පනයෙන් සිදුව ඇති හානිය පිළිබඳව තවමත් නිශ්චිත අනාවරණයක් නොමැති බවයි.

මේ අතර අප්‍රේල් 03 වන දින එරට සිදු වූ රිච්ටර් මාපාංක 7.2ක භූකම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගියා.

එතැන් සිට තායිවානයේ පසු කම්පන සිය ගණනක් සිදුව ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34