spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තායිවානයේ ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ (22) රාත්‍රියේ රිච්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනයෙන් පසු ඊයේ (22) රාත්‍රියේ සිට අද (23) අලුයම දක්වා පසු කම්පන 80 කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රිච්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයක් ගත මෙම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර, එහි ගොඩනැඟිලි ද සෙලවීමකට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ඔයේ සිදු වූ මෙම භූකම්පනයෙන් සිදුව ඇති හානිය පිළිබඳව තවමත් නිශ්චිත අනාවරණයක් නොමැති බවයි.

මේ අතර අප්‍රේල් 3 වන දින එරට සිදු වූ රිච්ටර් මාපාංක 7.2ක භූකම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගියා.

එතැන් සිට තායිවානයේ පසු කම්පන සිය ගණනක් සිදුව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?