තායිවානයේ ගින්නකින් පුද්ගලයින් 46 ජිවිතක්ෂයට

තායිවානයේ තට්ටු 13 ක ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තවත් පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා.

අද අලුයම කාඕසියුං නගරයේ පිහිටි නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ලක මෙම ගින්න හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.