තායිලන්තයේ ජනප්‍රිය අභයභූමියකට හදිසි ගංවතුර තත්ත්වයක්

පසුගිය ඔක්තොබ‍ර් 03 වැනිදා උතුරු තායිලන්තයේ ජනප්‍රිය අභයභූමියක් හරහා හදිසි ගංවතුරක් ඇති වී තිබෙනවා.

එහිදී අලි දෙදෙනෙකු මියගොස් ඇති අතර හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

එම ගංවතුර තත්ත්ව‍ය හේතුව නිසා අලි ඇතුන් 100ක් පමණ ද ඉවත් කිරීමට සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සී එන් එන් පුවත් වෙබ් අඩවිය මගින් චියැං මායි නගරයට නුදුරින් ඇති මෙම අලි අභයභූමියේ ගංවතුර තත්ත්වය පිළිබඳව ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ; එම අභයභූමියට ඇති වී තිබෙන ප්‍රබලතම ගංවතුර තත්ත්වය මෙය බවයි.