තායිලන්තයෙන් වැඩම කළ මහා සංඝ නායක හිමිවරුන් අගමැතිනිය හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) අරලියගහ මන්දිරයේ දී තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළ මහා සංඝ නායක හිමිවරුන් පිරිසක් හමුවී සුහද සාකච්ඡාවක නිරත වුණා.

මෙම හමුව සඳහා අතිපූජ්‍ය ෆ්‍රා ධම්මවජිරපණ්‍යාචාර්ය මහථෙර හිමි, වට් ෆ්‍රා චෙතුෆොන් විමොල්මංග්කලාරාම් රාජවරමහාවිහාරයේ නියෝජ්‍ය විහාරාධිපතිවරයා, මහාචුලාලොංකෝර්න්රාජවිද්‍යාලය විශ්වවිද්‍යාලයේ ත්‍රිපිටක අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හිමියන් ඇතුළු තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් පිරිසක් සහභාගී වුණා.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ශතවර්ෂ ගණනාවක බෞද්ධ සම්බන්ධතා, ආගමික හා සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර පවතින මිත්‍රත්වය වර්ධනය කිරීම පිළිබඳ සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරුණා.

සාකච්ඡාව අවසානයේදී තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් විසින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන බෞද්ධ හා සංස්කෘතික සබඳතා සංකේතවත් කරමින් විශේෂ සමරු තිළිණ හා සිහිවටන අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වනු ලැබුවා.

එම සමරු තිළිණ දෙරටේ පොදු බෞද්ධ උරුමය, සංස්කෘතික වටිනාකම් සහ අන්‍යෝන්‍ය ගෞරවය මැනවින් පිළිබිඹු කරන සංකේතයන් ලෙස පිරිනැමුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46