spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තායිලන්තයට යන මුතු රාජා කටුනායකට (ඡායාරූප)

තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් ” මුතු රාජා ” නොහොත් ” සක්සුරින් ” හස්තියා යළි ආපසු තායිලන්තය වෙත රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.

අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අද අලුයම 03ට පමණ හස්තියා ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි.

අද අලුයම 12ට පමණ එම හස්තියා මෙතෙක් රඳවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ විශේෂ රථය ඉතා සෙමින් හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණා.

අප වාර්තාකරු සඳහන් කළේ අලුයම 04.30 පමණ වනවිට ඇතා ඇතුළත් විශේෂ කූඩුව තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු “ඉලුෂියන් – 76” ගුවන් යානයට පැටවීම ආරම්භ කළ බවයි.

මෙම ගුවන් යානය අද උදෑසන 07.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර “ෂියන්මායි” ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
2
+1
65
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?