තායිලන්තයට යන මුතු රාජා කටුනායකට (ඡායාරූප)

තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් ” මුතු රාජා ” නොහොත් ” සක්සුරින් ” හස්තියා යළි ආපසු තායිලන්තය වෙත රැගෙන යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.

අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අද අලුයම 03ට පමණ හස්තියා ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි.

අද අලුයම 12ට පමණ එම හස්තියා මෙතෙක් රඳවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් රැගෙන පිටත්වූ විශේෂ රථය ඉතා සෙමින් හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබුණා.

අප වාර්තාකරු සඳහන් කළේ අලුයම 04.30 පමණ වනවිට ඇතා ඇතුළත් විශේෂ කූඩුව තායිලන්තය වෙත රැගෙන යාමට නියමිත රුසියානු “ඉලුෂියන් – 76” ගුවන් යානයට පැටවීම ආරම්භ කළ බවයි.

මෙම ගුවන් යානය අද උදෑසන 07.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර “ෂියන්මායි” ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20