තානාපතිවරුන්ගේ නත්තල් සුහද හමුව

මෙරට තානාපතින් හා මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ නත්තල් සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ (12) රාත්‍රීයේ කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

එළැඹෙන නත්තල් උත්සවයට සමඟාමීව සංවිධානය කළ මෙම සුහද හමුව සඳහා මම සහ මගේ බිරිඳ ද එකතු විය.

ඊට එක්වූ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු තානාපති සේවයේ නිරත උසස් නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් සමඟ මම සුහද කතාබහක ද නිරත වුණෙමි.

මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස්, අමාත්‍යවරු වන නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රාදේවි වන්නිආරච්චි, අලි සබ්රි, රාජ්‍ය අමාත්‍යවරු වන කනක හේරත්, තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජයන්ත වීරසිංහ, සුරේන් රාඝවන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.