තාක්ෂණික දෝෂය අවසන් – පාස්පෝට් කන්තෝරුවේ වැඩ කටයුතු යළිත් සාමාන්‍ය පරිදි (වීඩියෝ)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂය මේ වන විට නිවැරදි කිරීමට කටයුතු කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස පවසනවා.

ඒ, අනුව සාමාන්‍ය ගමන් බලපත්‍ර, එක්දින ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඇති ශාඛාවල කටයුතුත් සාමාන්‍ය පරිදි මේ වනවිට සිදුකරමින් පවතින බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මේ වන විට කඩිනමින් නිකුත් කළ යුතු සහ ඉතාම අත්‍යවශ්‍ය සැපයීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියේ ඊයේ (12) ඇතිවූ හදිසි දෝෂයක් හේතුවෙන් එහි සේවා බිඳ වැටුණා.

මේ සමඟ එම දෙපාර්තමේන්තුවේ සියලුම ශාඛාවන් හී සේවාවන්ද බිඳ වැටීමට ලක්වූ අතර, මේ හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීමට පැමිණි පුද්ගලයින් දැඩි අපහසුතාවයකට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49