spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අසල අද විරෝධතාවක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තැබීමට එරෙහිව සියලු වැඩබිම් සහ ජනතාව සමග ඒකාබද්ධව සමගි වෘත්තීය සමිති එකමුතුව විසින් විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 02.30 ට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අසලදී මෙම විරෝධතාව පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි සමගි වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තැබීම පසුගිය 06 වනදා සිදුවූ අතර එහිදී ඉන්දියාවේ පාලනය යටතේ පැවති ටැංකි 99 න් 85 ක් ශ්‍රී ලංකා පාලනය යටතට පත් වනු ඇති බවයි බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ.කෙසේ නමුත් මෙම ගිවිසුම් මගින් රටේ ක්ෂේත්‍ර ගණනාවකටම තර්ජනයක් ඇතිවනු බවයි ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?