ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට (වීඩියෝ)

වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4දෙනකු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වැලිගම පොලිසිය සඳහන් කළේ.

අද දහවල් මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබියදී මෙලෙස ත්‍රීරෝද රථය ගැටී තිබෙනවා.

එම ත්‍රී රෝද රථයේ ගමන් කර ඇත්තේ එකම පවුලේ දරුවන් 3 දෙනෙකු, ඔවුන්ගේ මව සහ තවත් දෙදෙනෙක්.

ත්‍රීරෝද රථය යුද හමුදාවේ සේවය කරන ලබා නිවාඩු ලැබ පැමිණ සිටි 32 හැවිරිදි අයෙකු විසින් පදවා ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

අනතුරෙන් තුවාල ලැබූ වයස අවුරුදු 9 ක දරුවෙකු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් දරුවන් දෙදෙනා, මව සහ තවත් අයෙකු ප්‍රතිකාර සඳහා මාතර මහා රෝහලට යොමු කර තිබෙනවා.

මෙම පිරිස වැලිගම පැලෑන මෝදර වත්ත ප්‍රදේශයේ පදිංචි අය බව සඳහන්.

පාසැල අවසන් වීමෙන් පසුව දරුවන් තිදෙනා මව විසින් නිවසට රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණ වී තිබෙනවා.

https://www.youtube.com/watch?v=F7T9d2Z7k-g


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15