ත්‍රීවිල් ගාස්තු ඉහළ දැමීමට ඉල්ලීමක්

ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමඟ ත්‍රීරෝද රථ ගාස්තුවේ ද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා පැවසුවේ, පෙට්‍රල් රුපියල් 12 කින් මිල වැඩිවීමක් සිදුව ඇති බැවින් ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවයි.

ඒ, අනුව දැනට දෙවන කිලෝමීටරයට අයකරන රුපියල් 90ක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගන්නා ලෙස තම සංගමය බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එසේ නොවුන හොත් වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන් වැඩිකල් නොගොස් පාරට බසින බවයි ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ.

එමෙන්ම ත්‍රීරෝද රථ හිමියන් සිය කර්මාන්තය සිදුකරගෙන යාමේදී ඉන්ධන සීමාවන් හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්වන බැවින් ඉන්ධන කොටාව ඉහළ නංවන ලෙස ද ඔහු ඉල්ලමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !