ත්‍රීරෝද රථ සම්බන්ධව විශේෂ නිවේදනයක්

ලබන මස පලමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ කූලී ත්‍රීරෝද රථ සදහා මනු සවීකිරීමේ වැඩපිලිවෙල දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

මිනුම් එකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් මත මෙම වැඩසටහන නැවත දැනුම්දෙන තෙක් කල් දමා ඇති බවයි.

මෙම වැඩසටහනේදී අනුමැති ලබාගත් වෙළද ආයතනවලට පමණක් කුළි රථවලට මනු විකීණිමටත් සවි කිරිමටත් අවසර ලබාදී ඇතැයි එහි අධ්‍යක්ෂක එස්.එන්.අකුරන්තිලක ප්‍රකාශ කළා.

නිෂ්පාදනය කිරීම හෝ විකිණීමට පෙර වෙළද කටයුතු සදහා භාවිතයට සුදුසු බව පරීක්ෂා කරන ලද මාදිලි සදහා අනුමැතිය දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුයි.

එසේම, අනුමත කුලී රථ මනු සඳහා හඳුනා ගැනීමේ ස්ටිකරයක් ඇලවීමට ද අපේක්ෂා කරන බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම වැඩසටහන තුලදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කුලී රථ මනු පරීක්ෂා කිරීම සඳහා කුලී රථ මනු සේවා මධ්‍යස්ථාන පිහිටුවීමටත් අනුමත කුලී රථ මනු ස‍්හා හ‍්නාගැනීමේ ස්ටිකරයක් ඇලවීමටත් සැලසුම් කර තිබෙනවා.

එම වැඩපිළිවෙලහි මූලික අදියර බස්නාහිර පළාතෙනුයි ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29