ත්‍රීරෝද රථයේ තිබී හමු වූ බිළිඳියගේ, මව සහ ත්‍රීරෝද රථ රියදුරා අත්අඩංගුවට

ගාල් කර තිබූ ත්‍රීරෝද රථයක් පිටුපස පොහොර උරයක දමා තිබී බිළිඳියකගේ මළ සිරුරක් අද (10) ආගරපතන පොලිසියට හමුවී තිබුණා.

එහිදී මියගිය බිළිඳියගේ මව සහ ත්‍රීරෝද රථ රියදුරා අද (10) දින ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර මව 24 හැවිරිදි අවිවාහක කාන්තාවක් වන අතර ඇය 28 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථ රියදුරා විවාහක අයෙකු බවත්, ඔහු එක්දරු පියෙකු බවත් ආගරපතන පොලිසිය විසින් සිදුකරන ලද මූලික විමර්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකාර මව මාවනැල්ල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටිය දී සැකකාර ත්‍රීරෝද රථ රියදුරා ඔහුගේ සහෝදරයෙකුට අයත් ත්‍රීරෝද රථයකින් ඊයේ දින (09) මාවනැල්ල ප්‍රදේශයට ගොස් සැකකාර මව ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායට රැගෙනවිත් තිබෙනවා.

දින කිහිපයකට ප්‍රථම බිළිඳිය ප්‍රසුත කර ඇති අතර බිළිඳියගේ ගෙල වටා වයර් කැබැල්ලක් තිබීම හේතුවෙන් පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු එය ඝානයක් බව අනාවර්ණය වී තිබෙනවා.

ත්‍රීරෝද රථයේ තිබී හමු වු බිළිඳියගේ මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය නුවරඑළිය වැඩ බලන මහෙස්ත්‍රාත් විජේවික්‍රම මහතා විසින්
සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආගරපතන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
0
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමටත් කිරි දුන්න මහින්දගේ පුතා 2029 දී එන්න යන්නේ - නාමල දැන් පිපීගෙන එන්නේ
04:01
Video thumbnail
අමාරුවෙන් අදත් අධිකරණයට ආපු ඩේසි ආච්චි....
00:33
Video thumbnail
සුපිරි රිය ගි# තිබ්බ සිද්ධිය ගැන මව හෙළිකළ දේ - පර්චස් 6යේ ගෙදර සර්ට ලියලා දෙන්න කියලා බලපෑම්
05:42
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14
Video thumbnail
"රටම එකට" ජාතික මෙහෙයුම විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇලකින් හමුවෙයි - ඝා##නයක්ද යන්න තවමත් සැකයක්
01:50
Video thumbnail
ගගේයායෙන් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය - "අවු:70 වෙනවා කවදාවත් මෙහෙම ගෙඩියක් දැකලා නෑ"
02:12
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
00:46