ත්‍රීරෝද රථයෙන් කසිප්පු බෙදූ රතු අක්කා මාට්ටු වෙයි

ත්‍රීවීල් රථයකින් නීති විරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය කළ “කැප්පෙටිගහලන්ද රතු අක්කා ” නමින් හඳුන්වන කාන්තවක් වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිපැන්න පොලිසිය විසින් දෛනිකව ක්‍රියාත්මක කරන විශේෂ නිරීක්ෂණ රාජකාරී අතරතුර වැලිපැන්න, කැප්පෙටිගහලන්ද මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එම ත්‍රීරෝද රථයේ ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී මත්පැන් කෑන් කිහිපයක්ම පොලිසිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිදුකළ විමර්ශනයන් වලින් අනාවරණය වී තිබෙන්නේ කැප්පෙටිගහලන්ද ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි රතු අක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම කාන්තාව ඇයගේම ත්‍රී රෝද රථයෙන් මෙසේ මත්පැන් ප්‍රවාහනය කර ඇති බවයි.

මීට පෙරද මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම චෝදනා එල්ල වූ මෙම කාන්තාව විසින් අලුත්ගම ,බේරුවල, දර්ගා නගරය යන ප්‍රදේශවලට මෙන්ම කාලවිල ප්‍රදේශයට ද මෙසේ රාත්‍රී කාලයේදී මෙම ත්‍රීවිල් රථය යොදාගෙන මත්පැන් ප්‍රවාහනය සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

නීති විරෝධී මත්පැන් මිලි ලීටර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෙම ත්‍රිවිල් රථයේ තිබී පොලිස් අත්අඩංගුවට ගත් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13