spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රීරෝද රථයක් පෙරළී විදේශික සංචාරක යුවළක් තුවාල ලබයි

ඔහියවත්ත සංචාරක බංගලාව පිහිටි ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුරට ලක් ව ඇත්තේ විදේශීය සංචාරක යුවළක් බවයි වාර්තා වන්නේ.

විදේශීය යුවල ගමන් ගනිමින් සිටි ත්‍රීරෝද රිය ඔහියවත්ත සංචාරක බංගලාව ආසන්නයේ දී පාලනය කරගත නොහැකි ව ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් විදේශික යුවළට සුළු තුවාල සිදු ව ඇති බවත් වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් විසින් එක් ව අනතුරට පත් ත්‍රීරෝද රථය මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම යුවළ නැවතී සිට ඇත්තේ ඔහියවත්ත සංචාරක බංගලාවේයි.

අනතුරින් පසුව මෙම යුවළ ත්‍රීරෝද රථය එම ස්ථානයේ ම දමා ගොස් තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් ඒ බව හපුතලේ පොලිසියට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?