ත්‍රීරෝද රථයක් පෙරළී විදේශික සංචාරක යුවළක් තුවාල ලබයි

ඔහියවත්ත සංචාරක බංගලාව පිහිටි ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුරට ලක් ව ඇත්තේ විදේශීය සංචාරක යුවළක් බවයි වාර්තා වන්නේ.

විදේශීය යුවල ගමන් ගනිමින් සිටි ත්‍රීරෝද රිය ඔහියවත්ත සංචාරක බංගලාව ආසන්නයේ දී පාලනය කරගත නොහැකි ව ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

අනතුරින් විදේශික යුවළට සුළු තුවාල සිදු ව ඇති බවත් වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් විසින් එක් ව අනතුරට පත් ත්‍රීරෝද රථය මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම යුවළ නැවතී සිට ඇත්තේ ඔහියවත්ත සංචාරක බංගලාවේයි.

අනතුරින් පසුව මෙම යුවළ ත්‍රීරෝද රථය එම ස්ථානයේ ම දමා ගොස් තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් විසින් ඒ බව හපුතලේ පොලිසියට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14