ත්‍රිරෝද රථ රියදුරෙක් පැහැරගෙන මුදල් කොල්ල කෑ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයක් සිය යතුරුපැදියේ ගැටී අලාභ හානි සිදු වූයේ යැයි පවසා ත්‍රිරෝද රථ රියදුරෙක් සහ තවත් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඔවුන් සන්තකයේ තිබූ රුපියල් 21,990ක මුදලක් බලෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු මට්ටක්කුලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල් සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මට්ටක්කුලිය, රාසමුල්ල කන්ද ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් ඔහු පැදවූ යතුරුපැදියේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් සිය යතුරුපැදියට අලාභ හානි සිදුවී ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් 50,000ක වන්දි මුදලක් ලබාදෙන ලෙසට කොස්තාපල්වරයා ත්‍රිරෝද රථ රියදුරුගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එතරම් මුදලක් ලබාදීමට හැකියාවක් නොමැති බවට ත්‍රිරෝද රථ රියදුරු දැනුම්දීමෙන් අනතුරුව; උරණ වූ සැකකාර පොලිස් කොස්තාපල් ඔහු හා යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා සමඟ එක්වී එම ත්‍රිරෝද රථයේම නැගී , ත්‍රිරෝද රථ රියදුරු සහ සිද්ධියවන අවස්ථාවේ එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් ත්‍රිරෝද රථ රියදුරුගේ මිතුරා ද පැහැරගෙන ගොස්. ඔවුන් සන්තකයේ තිබූ මුදල් බලහත්කාරයෙන් ලබාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදුකර සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27