spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රිරෝද රථයක් බෝක්කුවක් මතට පෙරළී තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් මතට පෙරළී ඊයේ (16) රාත්‍රියේ සිදු වූ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ පසුපස ගමන් ගත් තරුණයෙක් වන අතර, ත්‍රිරෝද රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත්කර ඇති බවයි නොර්වුඩ් පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මියගිය තරුණයා 27 හැවිරිදි වියේ පසු වූ හැටන්, දික්ඔය, පුලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

බීමතින් සිටි ත්‍රිරෝද රථය රියදුරා අධික වේගයෙන් රථය ධාවනය කළ අවස්ථාවේ එය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරළී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

1 11
2 10
3 4
4 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?