ත්‍රිරෝද රථයක් පෙරළී පියා මරුට – දරුවන් දෙදෙනා රෝහලේ

දෙනියාය – කිරිවැල්දොළ මාර්ගයේ කරපුෂ්පාව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.

අද (02) පෙරවරුවේ මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ දෙදරු පියෙක්.

මරණකරු විසින් සිය දරු දෙදෙනාව කොල්ලකන්ද ප්‍රදේශයේ සිට දෙනියාය මහා විද්‍යාලයට රැගෙන යමින් සිටියදී රථය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් උසස් පෙළ ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර දෙවැනි දරුවා කනිෂ්ඨ ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නෙකු බවත් සඳහන් වනවා.

ඔවුන් මේ වනවිට රෝහල්ගත කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14