ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදාහැරීම සාමාන්‍ය පරිදි

ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදාහැරීම මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුකරන බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න සඳහන් කරනවා.

ඒ, අනුව මේ වනවිට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මාසයකට අවශ්‍ය ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා බඩ ඉරිඟු කිලෝ මෙට්‍රිටික් ටොන් 15ක් අවශ්‍ය බව සදහන් කළ ඔහු, එය දේශීයව සපයාගැනීමට නොහැකි බැවින් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුව ඇති බවයි පැවසුවේ.

දේශීය ගොවීන් බහුතරයක් බඩ ඉරිඟු වගා කළ ද ඔවුන්ට අවශ්‍ය පසු අස්වනු තාක්ෂණික දැනුම නොමැති කමින් එම අස්වැන්න නිසි ගුණත්වයෙන් වෙළෙඳපොලට ලබාදීමට නොහැකි වී ඇති බවයි සභාපතිවරයා සඳහන් කර සිටියේ.

“වාර්ෂිකව අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියනවා එම වර්ෂයේදී මෙච්චර ත්‍රිපෝෂ ප්‍රමාණයක් අපට අවශ්‍යයි කියලා. මාසිකව අපි ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 19ක් විතර ලබාදෙන්න ඕන. දැනට ලක්ෂ 13ක විතර නිෂ්පාදනයක් තමයි කරන්නේ. ඒ ලක්ෂ 13 අපි නිෂ්පාදනය කරන්නේ ගර්භනී මව්වරුන්ටල කිරි දෙන මව්රුන්ට හා වයස අවුරුදු 03ට වැඩි ළමුන්ට දෙන්න. වයස මාස 06 සිට අවුරුදු 03 දක්වා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ වලට අදාළ නිර්නායකයන්හි පවතින ගැටළුවක් නිසා ඒ වයසට අදාල ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ නිර්නායක සෞඛ්‍ය අමාත්‍යාංශය නිරාකරණය කරදීමෙන් පසුව මාස 06ත් අවුරුදු 03ත් අතර දරුන්වටද ත්‍රිපෝෂ සැපයීමේ හැකියාව ත්‍රිපෝෂ සමාගමට තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46